වෙළෙඳපොළ පදනම කරගත් තිරසාර කෘෂිකර්මාන්තයේ GAP (යහපත් කෘෂිකාර්මික පිළිවෙත්) ප්‍රවේශය එහි සාර්ථකත්වයත් සමග තව දුරටත් ව්‍යාප්ත වෙමින් පවතී. එක්සත්ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ හායනයට පත් කෘෂිකාර්මික ඉඩම් පුනරුත්තාපනය කිරීමේ ව්‍යාපෘතිය මගින් GAP ප්‍රවේශය නව ගොවි කණ්ඩායම් වෙත ගෙනයාම සඳහා ගොවි පුහුණු පාසැල් පැවැත්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශකවරුන් 13 දෙනෙකු පුහුණු කරන ලදී.
ගොවි පුහුණු පාසලක ක්ෂේත්‍ර දිනයක් පවත්වන්නේ කෙසේ ද යන්න පිලිබන්ද්වත්, ගොවි පුහුණු පාසලක මූලික සිද්ධාන්ත පිළිබඳවත් ගොවිතැන පිලිබඳ ගොවීන්ගේ දැක්ම, ආකල්ප හා හැසිරීම් වෙනස් කරමින් ඔවුන් විද්‍යානුකූල ගොවිතැනට යොමුකරවන්නේ කෙසේද යන්න පිළිබඳවත් ඔවුන්ට මෙහි දී පුහුණුව ලබාදෙන ලදී. පුහුණු වැඩසටහන වැලිමඩ බොරලන්දේ දී පැවැත්විණි.
මෙම නව අදියරේ දී නුවර එලිය සහ බදුල්ල දිස්ත්‍රික්ක වල නව ගොවි කණ්ඩායම් 10ක් සංවිධානය කර ඇති අතර ඒවා වටා ගොවීන් 146 දෙනෙකු සම්බන්ධව සිටී.
හායනයට පත් කෘෂිකාර්මික ඉඩම් පුනරුත්තාපනය කිරීමේ ව්‍යාපෘතිය ගොවීන් 80ක කණ්ඩායමක් සම්බන්ධ කරගනිමින් GAP වැඩසටහනට මුලින්ම සම්බන්ධ වූ අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔවුන්ට යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරමින් වගාවන් සිදුකරන ආකාරය පිළිබඳව පුහුණුව ලබාදෙමින් ඔවුන්ට ඔවුන්ගේ කෘෂි නිෂ්පාදන සඳහා GAP සහතික ලබාගැනීමට පහසුකම් සලසන ලදී. එහි සාර්ථකත්වයත් සමග සම්බන්ධ වූගොවීන් සංඛ්‍යාව 100 දක්වා ඉහළ ගියේය.
මෙම නව අදියරේ දී GAP සහතික කළ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා නව දේශීය සුපිරි වෙළෙඳසල් සහ අපනයන කරුවන් ද එක්ව තිබේ.