තිරසාර භූමි කළමනාකරණය යනු කුමක්ද?

The World Overview of Conservation Approaches and Technologies (WOCAT) අර්ථදැක්වීම අනුව තිරසාර භූමි කළමනාකරණය යනු පස, ජලය, සතුන්, ශාඛ වැනි භූමි සම්පත් ඒවායේ දීර්ඝකාලීන නිෂ්පාදන විභවයන් තහවුරු කරමින් සහ ඒවායේ පාරිසරික ක්රිතයාකාරීත්වයන් පවත්වාගෙන යන අතරම වෙනස්වන මානව අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය භාණ්ඩ නිපදවීම සඳහා යොදා ගැනීමයි.
එක්සත් ජාතීන්ගේ කාන්තාරකරණය වැළැක්වීමේ ජාත්‍යන්තර සම්මුතිය මගින් තිරසාර භූමි කළමනාකරණය පිලිබඳ ගෝලීය වශයෙන් පිළිගත් සහ මූලික දත්ත පද්ධතිය ලෙස (WOCAT) හඳුනා ගනී.
WOCAT හි ප්‍රශ්නාවලි අනුව ලේඛනගත කරන ලද තොරතුරු ගෝලීය තිරසාර භූමි කළමනාකරණ දත්ත ගබඩාවේ තැන්පත් කර අත. ඒවා තිරසාර භූමි කළමනාකරණය පිලිබඳ දැනුම බෙදාහැරීම, ක්‍රියාත්මක කිරීම පිලිබඳ තීරණ ගැනීමේ හැකියාවන් වර්ධනය කිරීම සහ තිරසාර භූමි කළමනාකරණ ක්‍රම ක්‍රියාවට නැගීම සඳහා භාවිතා කල හැක.
WOCAT මගින් තිරසාර භූමි කළමනාකරණය පිලිබඳ ලොව පුරා භාවිතාකරන ක්‍රම පිලිබඳ ප්‍රමිතිගත තොරතුරු ලබාදෙයි. WOCAT වැඩි දියුණු කළ භූමි කළමනාකරණ තාක්ෂනයන් සහ ප්‍රවේශයන් හඳුන්වාදීම තුලින් භූමි හායනය වැළැක්වීම හා අවමකර ගැනීම සඳහාත් හායනයට පත් භූමි යථා තත්වයට පත්කිරීම සඳහාත් ක්‍රියා කරයි.
ශ්‍රී ලංකාවේ තිරසාර භූමි කළමනාකරණය පිලිබඳ තාක්ෂනයන් සහ ප්‍රවේශයන් සංවර්ධනය කිරීමට සහ ඒවා ප්‍රචලිත කිරීම සඳහා රාජ්‍ය,පෞද්ගලික සහ අනෙකුත් තාක්ෂණික ආයතන දායක වේ. ඒ අනුව පස, ජලය, ගහ කොළ සහ සතුන් වැනි භූමි සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීම පිලිබඳ සාර්ථක අත්දැකීම් බොහෝ ඇත.
SriCAT, එවැනි සාර්ථක අත්දැකීම ලේඛනගත කිරීම සහ බෙදාහැරීම මගින් තිරසාර භූමි කළමනාකරණය පිලිබඳ දැනුම භූමි කළමනාකරණය පිලිබඳ තීරණ ගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට සහය වීම සඳහා WOCAT සමග එක්ව කටයුතු කරයි.
WOCAT තිරසාර භූමි කළමනාකරණ තාක්ෂණයන් සහ ප්‍රවේශයන් පහත පරිදි අර්ථදක්වයි.

තිරසාර භූමි කළමනාකරණ තාක්ෂණයන්

භූමි හායනය පාලනය කරන හෝ භූමියේ පලදායීතාවය ඉහළ නංවන සහ ක්ෂේත්‍රයේ ක්‍රියාවට නගන භෞතික ක්‍රියාකාරකම් තිරසාර භූමි කළමනාකරණ තාක්ෂණයන ලෙස හැඳින්වේ. එවැනි තාක්ෂණයක් කෘෂිවිද්යාත්මක, ශාකමය, ව්‍යූහාත්මක සහ කළමණාකාරීත්ව යන අංග එකකින් හෝ කිහිපයකින් සමන්විත විය හැක.

තිරසාර භූමි කළමනාකරණ තාක්ෂනයන් බලන්න

තිරසාර භූමි කළමනාකරණයේ ප්‍රවේශයන්

තිරසාර භූමි කළමනාකරණය පිලිබඳ නව තාක්ෂනයන් එකක් හෝ කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා අනුගමනය කරන ක්‍රම සහ විධි තිරසාර භූමි කළමනාකරණයේ ප්‍රවේශයන් ලෙස හැඳින්වේ. තාක්ෂණික සහ ද්‍රව්‍යමය සහය, විවිධ පාර්ශවකරුවන්ගේ සහභාගිත්වය යනාදිය ඊට ඇතුලත් වේ. ප්‍රවේශයක් යනු ව්‍යාපෘතියක්/ වැඩසටහනක් හෝ ඉඩම් භාවිතා කරන්නන් විසින්ම යොදාගනු ලබන ක්‍රියාකාරකම් විය හැක.

තිරසාර භූමි කළමනාකරණයේ ප්‍රවේශයන් බලන්න