තිරසාර භූමි කළමනාකරණයේ ප්‍රවේශයන්

තිරසාර භූමි කළමනාකරණය පිලිබඳ නව තාක්ෂනයන් එකක් හෝ කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා අනුගමනය කරන ක්‍රම සහ විධි තිරසාර භූමි කළමනාකරණයේ ප්‍රවේශයන් ලෙස හැඳින්වේ. තාක්ෂණික සහ ද්‍රව්‍යමය සහය, විවිධ පාර්ශවකරුවන්ගේ සහභාගිත්වය යනාදිය ඊට ඇතුලත් වේ. ප්‍රවේශයක් යනු ව්‍යාපෘතියක්/ වැඩසටහනක් හෝ ඉඩම් භාවිතා කරන්නන් විසින්ම යොදාගනු ලබන ක්‍රියාකාරකම් විය හැක.


WOCAT හි ප්‍රශ්නාවලි අනුව ලේඛනගත කරන ලද තොරතුරු ගෝලීය තිරසාර භූමි කළමනාකරණ දත්ත ගබඩාවේ තැන්පත් කර අත. ඒවා තිරසාර භූමි කළමනාකරණය පිලිබඳ දැනුම බෙදාහැරීම, ක්‍රියාත්මක කිරීම පිලිබඳ තීරණ ගැනීමේ හැකියාවන් වර්ධනය කිරීම සහ තිරසාර භූමි කළමනාකරණ ක්‍රම ක්‍රියාවට නැගීම සඳහා භාවිතා කල හැක.


ශ්‍රී ලංකාවේ තිරසාර භූමි කළමනාකරණය පිලිබඳ තාක්ෂනයන් සහ ප්‍රවේශයන් සංවර්ධනය කිරීමට සහ ඒවා ප්‍රචලිත කිරීම සඳහා රාජ්‍ය,පෞද්ගලික සහ අනෙකුත් තාක්ෂණික ආයතන දායක වේ. ඒ අනුව පස, ජලය, ගහ කොළ සහ සතුන් වැනි භූමි සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීම පිලිබඳ සාර්ථක අත්දැකීම් බොහෝ ඇත.


SriCat, එවැනි සාර්ථක අත්දැකීම ලේඛනගත කිරීම සහ බෙදාහැරීම මගින් තිරසාර භූමි කළමනාකරණය පිලිබඳ දැනුම භූමි කළමනාකරණය පිලිබඳ තීරණ ගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට සහය වීම සඳහා WOCAT සමග එක්ව කටයුතු කරයි.

 

ශ්‍රී ලංකාවේ තිරසාර භූමි කළමනාකරණයේ ප්‍රවේශයන් WOCAT හි තිරසාර භූමි කළමනාකරණයේ ප්‍රවේශයන් සොයන්න WOCAT වෙත තිරසාර භූමි කළමනාකරණයේ ප්‍රවේශයන් එකතු කරන්න