ව්‍යාපෘති සහ ක්‍රියාකාරකම්

මධ්‍ය කඳුකරයේ මහනුවර, බදුල්ල සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල හායනයට පත් කෘෂිකාර්මික ඉඩම් පුනරුත්තාපනය කිරීමේ ව්‍යාපෘතිය (GCP/SRL/063/GEF)

GCP/SRL/063/GEF ව්‍යාපෘතිය දැනට පවතින ආයතිනික සහ නීතිමය රාමුව තුල මෙන්ම දැනට සිදුකරගෙන යනු ලබන වැඩසටහන් සහ ක්‍රියාකාරකම් සමග සමපාත වන පරිදි ස්ථාපනය කර අත. මේ යටතේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ශ්‍රී ලංකා රජය එක්ව දැනට 50%ක් පමණ හායනයට ලක්ව අති ශ්‍රී ලංකාවේ මාධ්‍ය කඳුකරයේ කෘෂිකාර්මික ඉඩම් පුනරුත්තාපනය සඳහා මේ යටතේ ක්‍රියා කරනු ලැබේ.
ගෝලීය පාරිසර පහසුකම (GEF) මගින් ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 11 ක මූල්‍යාධාර සපයයි. ව්‍යාපෘතිය මගින් මාධ්‍ය කඳුකරයේ දැඩි ලෙසම හායනයට පත් කෘෂිකාර්මික ඉඩම් සහිත මහනුවර, බදුල්ල සහ නුවර එළිය දිස්ත්‍රික්ක තුනේ කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර 579,384 ක් පමණ පුනරුත්ථාපානය කරනු ලබයි.
ව්‍යාපෘතිය පරිසර අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්තානය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ තවත් ආයතන රැසක එකාබාද්ද්ධ ව්‍යායාමයකි. එමගින් පහත කරුණු අරමුණු කරයි.
• තිරසාර භූමි කළමනාකරණයට අවශ්‍ය ආයතනික ව්‍යුහ සහ ප්‍රතිපත්ති සහ නියාමන රාමු ශක්තිමත් කිරීම
• හඳුනාගත් තිරසාර භූමි කළමනාකරණ තාක්ෂනයන් ක්‍රියාවට නැගීම
• තිරසාර භූමි කළමනාකරණය ප්‍රවර්ධනය සඳහා නව්‍ය මූල්‍ය ක්‍රම හඳුන්වා දීම
• දැනුම කළමනාකරණයට, දැනුවත් කිරීමේ වැඩසටහන් වලට සහ යහපත් කෘෂිකාර්මික පුරුදු ප්‍රචලිත කිරීමට දිරි දීම

ව්‍යාපෘතියේ පාරිසරික අරමුණු

ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ මහනුවර, බදුල්ල සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල භූමි හායනය වැළැක්වීම සහ එම භූමි යතා තත්වයට පුනරුත්තාපනය කිරීම.

ව්‍යාපෘතියේ සංවර්ධන අරමුණු

තිරසාර භූමි කළමනාකරණ ක්‍රමවේද ප්‍රවර්ධනය් තුලින් පරිසර පද්ධති මගින් ලබාගන්නා භාණ්ඩ හා සේවා සැපයීම වැඩිකිරීම සහ මධ්‍ය කඳුකරයේ ආහාර සුරක්ෂිතතාව වර්ධනය කිරීම.

 

සම්පත් දායකත්වය

ගෝලීය පාරිසරික පහසුකම

ක්‍රියාත්මක කිරීමේ ආයතනය

එක්සත්ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය
සම්බන්ධීකරණය කිරීමේ රාජ්‍ය ආයතනය
පරිසර අමාත්‍යංශය

පාර්ෂවකරුවෝ

භූමි සම්පත් කළමනාකරණයට අදාළ සියලු රාජ්‍ය ආයතන

ක්‍රියාත්මක කිරීමේ කාලය

2016 ජූනි - 2020 ජූනි

ව්‍යාපෘතිය ක්‍රියාත්මක ප්‍රදේශ

මහනුවර, බදුල්ල සහ නුවරඑලිය දිස්ත්‍රික්ක

 

Project Organogram