SriCat පිළිබඳව

SriCat යනු ශ්‍රී ලංකාවේ තිරසාර භූමි කළමනාකරණය පිළිබඳව වන තොරතුරු හුවමාරු කරගන්නා ජාතික වේදිකාවයි.

ගෝලීය පාරිසරික පහසුකම මගින් මූල්‍යාධාර සපයන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ හායනයට පත් කෘෂිකාර්මික ඉඩම් පුනරුත්තාපනය කිරීමේ ව්‍යාපෘතිය (2016-2021) මගින් හවුල්කාර ආයතන සමග එක්ව  2019 දී SriCat දියත්කරන ලදී.

SriCat අරමුණු

ශ්‍රී ලංකාවේ භූමිය හා ඉඩම් සම්පත් පිලිබඳ වගකීම් දරන අමාත්‍යංශ, දෙපාර්තමේන්තු ඇතුළු ආයතන රාශියක් පවතින බැවින් භූමි සම්පත් පිලිබඳ තොරතුරු පහසුවෙන් ලබාගත හැකි එක් ස්ථානයක් නොමැත.

එබැවින් SriCat එම ආයතන සියල්ල සතු භූමි තොරතුරු හුවමාරු කරගන්නා පොදු වේදිකාවකි.

එමෙන්ම SriCat පෞද්ගලික අංශයට සහ ගොවි ජනතාවට තම ඉඩම්/භූමි තොරතුරු හුවමාරු කරගැනීමට ද අවකාශය සපයයි.

එමගින් SriCat ශ්‍රී ලංකාවේ තිරසාර භූමි කළමනාකරණය ප්‍රවර්ධනය සිදුකරන අතර ඒ සඳහා අනුහුරු වීමට අවශ්‍ය දැනුම ලබාදීම, පුද්ගලයින් හා ආයතන අතර සම්බන්ධීකරණය, සමාජ ඉගනුම සඳහා පහසුකම් සැපයීම සහ සාර්ථක අත්දැකීම් පිළිබඳව ප්‍රචාරය කිරීම අරමුණු කරයි.

එමෙන්ම SriCat තිරසාර භූමි කළමනාකරණය පිළිබඳව ගෝලීය දැනුම සහ අත්දැකීම් සිංහල සහ දෙමළ භාෂා වලින් අදාළ නිලධාරීන්ට සහ ගොවීන්ට ලබා දීමටත් ශ්‍රී ලංකාවේ තිරසාර භූමි කළමනාකරණය පිළිබඳව වන නව ප්‍රවේශ, තාක්ෂණයන්  සහ ප්‍රතිපත්තීන් ඇතුළු තොරතුරු ඉංග්‍රීසි භාෂාවෙන් ලෝකයේ අනෙකුත් රටවල් සහ ජාත්‍යන්තර ආයතන සමග හුවමාරු කරගැනීමටත් වේදිකාවක් වෙයි.


තිරසාර භූමි කළමනාකරණයේත් ඒ පිළිබඳව වන දැනුම කළමනාකරණයේත් දැඩි කාලීන අවශ්‍යතාවය මැනවින් හඳුනා ගනිමින් SriCat මගින් තිරසාර භූමි කළමනාකරණය පිලිබඳ දැනුම එක්රැස් කිරීමට, ලේඛනගත කිරීමට, තක්සේරු කිරීමට, හුවමාරු කරගැනීමට, බෙදා හැරීමට සහ භාවිතා කිරීමට උපකාර කරයි.

 

එමෙන්ම SriCat පරිසර අමාත්‍යාංශය විසින් එක්සත් ජාතීන්ගේ කාන්තාරකරණය වැළැක්වීමේ ජාත්‍යන්තර සම්මුතියට අනුව එකඟ වී අති පරිදි ශ්‍රී ලංකාවේ කාන්තාරකරණය වැළැක්වීමේ ජාතික වැඩසටහන 2015-224 යටතේ පාංශු හායනය වැළැක්වීම සඳහා අවශ්‍ය දැනුම කළමනාකරණ කිරීමේ සහ භූමිය පිලිබඳ තොරතුරු හුවමාරු කරගැනීමේ වේදිකාවක් නිර්මාණය කිරීමේ එකඟතාවය ද සපුරාලයි.

SriCat පාර්ශව කරුවෝ

  • පරිසර අමාත්‍යාංශය
  • ඉඩම් අමාත්‍යාංශය
  • කෘෂිකර්ම අමාත්‍යාංශය
  • වැවිලිකර්මාන්ත අමාත්‍යාංශය
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
  • ගොවිජන් සංවර්ධන දෙපාර්තමේන්තුව
  • ඉඩම් පරිහරණ සැලසුම් දෙපාර්තමේන්තුව
  • අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
  • වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
  • වාරිමාර්ග දෙපාර්තමේන්තුව
  • වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
  • කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
  • මිනින්දෝරු දෙපාර්තමේන්තුව
  • ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය
  • ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව
  • ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය