තිරසාර භූමි කළමනාකරණ තාක්ෂනයන්

 භූමි හායනය පාලනය කරන හෝ භූමියේ පලදායීතාවය ඉහළ නංවන සහ ක්ෂේත්‍රයේ ක්‍රියාවට නගන භෞතික ක්‍රියාකාරකම් තිරසාර භූමි කළමනාකරණ තාක්ෂණයන ලෙස හැඳින්වේ. එවැනි තාක්ෂණයක් කෘෂිවිද්යාත්මක, ශාකමය, ව්‍යූහාත්මක සහ කළමණාකාරීත්ව යන අංග එකකින් හෝ කිහිපයකින් සමන්විත විය හැක.

ශ්‍රී ලාංකීය සන්දර්භය තුළ, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සහ අනෙකුත් තාක්ෂණික ආයතන තිරසාර භූමි කළමනාකරණ තාක්ෂනයන් සහ ප්‍රවේශයන් ප්‍රචලිත කිරීම සඳහා දායක වේ. භූමි සම්පත් තිරසාර ලෙස භාවිතයට යෝදාගන්නා සාර්ථක අත්දැකීම් රාශියක් අති අතර ඒවා අතර පස්, ජලය, ශාක සහ සතුන් කළමනාකරණය පිලිබඳ උදාහරණ පවතී.
එවැනි තිරසාර භූමි කළමනාකරණ තාක්ෂනයන් ලේඛනගත කිරීම, ජනතාව අතර බෙදාහැරීම සඳහා සකස් කිරීම හා තිරසර භූමි කළමනාකරණයේ නව දැනුම ලෙස බෙදාහරිමින් භූමි කළමනාකරණය පිලිබඳ තීරණ ගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට සහය වීම සඳහා SriCat, World Overview of Conservation Approaches and Technologies (WOCAT) සමග එක්ව කටයුතු කරයි. WOCAT, තිරසාර භූමි කළමනාකරණය පිලිබඳ නව තාක්ෂණය සහ ප්‍රවේශ ලොව පුරා ප්‍රචලිත කිරීමට කටයුතු කරයි.

ශ්‍රී ලංකාවේ තිරසාර භූමි කළමනාකරණ තාක්ෂනයන් WOCAT හි තිරසාර භූමි කළමනාකරණ තාක්ෂනයන් සොයන්න WOCAT වෙත තිරසාර භූමි කළමනාකරණ තාක්ෂනයන් එකතු කරන්න