වී මෝල්වල ජනනය වන අපද්‍රව්‍යයක් වන දහය්යා, දහනය කිරීම හෝ දිරාපත් වීම හරහා එහි කාබන් හරිතාගාර වායුවක් ලෙස වායුගෝලයට එකතු වේ. එය ජීව අඟුරු බවට පරිවර්තනය කිරීම සහ යූරියා සමඟ අන්තර් සම්බන්ධ කිරීම (පිරවීම) මගින් හරිතාගාර වායු විමෝචනය අවම කරන, N කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන සෙමින් නිදහස් වන නයිට්‍රජන් පොහොරක් (SRF) නිපදවිය හැක. දහය්යා බොහෝ විට සහල් සැකසීමේදී අපද්‍රව්‍යයක් ලෙස ඉවත් කරනු ලබන අතර, එහි කාබන්, ජෛව ඉන්ධන ලෙස දහනය කිරීම හෝ පසට දිරාපත් වීමට හැරීම හරහා හරිතාගාර වායුවක් වන කාබන් ඩයොක්සයිඩ් ලෙස වායුගෝලයට එකතු වේ. කෙසේ වෙතත්, දහය්යා ජෛව අඟුරු බවට පරිවර්තනය කිරීමේදී එහි කාබන් ස්ථායී වන අතර මී වදයක් වැනි ව්‍යුහයක් තුළ ක්ෂුද්‍ර සහ උප මයික්‍රෝන ප්‍රමාණයේ (ඉතා කුඩා) සිදුරු විශාල සංඛ්‍යාවක් ඇති වේ.
වැඩි දියුණු කරන ලද "කුන්තානිය" භාවිතා කරමින් 450°C සහ 650°C අතර උෂ්ණත්වයකදී දහය්යා ජෛව අඟුරු නිෂ්පාදනය කරන ලදී. දහය්යා ජෛව අඟුරු වල සිදුරු අවකාශ යූරියා සමඟ අන්තර් සම්බන්ධ කර (පුරවා) පසුව, සුදුසු වියෝජනය විය හැකි බන්ධකයක් භාවිතයෙන් සෙමින් නිදහස් වන පොහොර කැට නිෂ්පාදනය කරන ලදී. මෙම පොහොර කැට, N කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම සඳහා ඉවහල් වන බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. මෙමගින් ශ්‍රී ලංකාවේ කුඹුරුවල යූරියා අවශ්‍යතාවය 25% කින් පමණ අඩු කළ හැකි අතර එය පාරිසරික තිරසාරභාවයටද දායක වේ. ජෛව කාබන් මගින් පසෙහි භෞතික, රසායනික සහ ජීව විද්‍යාත්මක ගුණාංග තිරසාර ලෙස වැඩිදියුණු කළ හැකි බව සොයාගෙන ඇත. මෙම ක්‍රියාවලිය කෘෂිකාර්මික අපද්‍රව්‍ය නිර්මාණශීලීව ප්‍රතිචක්‍රීකරණය කිරීමට දායක වීමකි.