කල්ලොරාගේ කතාව

තිරසාර භූමි කළමනාකරණය තුලින් ජීවනෝපාය නැංවීම

මහනුවර දිස්ත්රිනක්කයේ දොළුව ප්රානදේශීය ලේකම් කොට්ඨාශයේ ගුරුකැලේ ගම්මානය මධ්යක කඳුකරයේ වඩාත් බරපතල ලෙස හායනයට ලක් වූ  භූමියකින් යුක්ත ප්රරදේශයකි.

තේ, එළවලු, ගම්මිරිස් වැනි කුළුබඩු භෝග වගාකරන සහ  කුඩා ගෙවතු වලින් සමන්විත ගුරුකලේ විශාල තේ ඉඩම් වලට සහ මුඩු බිම් වලින් මායිම්ව පිහිටා ඇත. කිරි ගව පාලනය ජනතාවගේ තවත් ප්රතධාන ජීවනෝපාය කි.
බ්රිටතාන්යත අධිරාජ්යවවාදීන් යටතේ තේ වගාව සඳහා යොදාගෙන දැනට අත්හැර දමා ඇති විශාල තේ ඉඩම්ව තිබූ මුඩූ  බිම් බැලූ බැලූ අත දිස්වන කඳු පන්ති පුරා දක්නට ලැබේ. මෙම ප්රෙදේශය එතිහාසික වශයෙන් ද වැදගත් වේ. 1867 ජේම්ස් ටේලර් ශ්රී  ලංකාවේ තේ වගාව ආරම්භ කළ ලූල්කැලේ වතු යය පිහිටා තිබෙන්නේ ද මෙම ප්රූදේශයේ ය.  
ඒ අනුව සියවස් ගණනකට පෙර මුලින්ම තේ වගාව අරඹමින් මධ්යග කඳුකරයේ පැවති ස්වභාවික වනාන්තර හෙළිකර ආරම්භ කරන ලද සහ පසුව අත්හැර දමන ලද පාංශු ඛාදනය ලක්වූ නිසරු ඉඩම්වල දැන් ජනාවාස බිහි වී ඇත. ගුරුකලේ යනු එවැනි ගමකි. 800 ක් පමණ ජනගහනයක් වෙසෙන මෙහි බහුතර ජනතාව ගොවීන්ය. නිසරු කුඩා ඉඩම් කැබලි වල ඔව්හු විවිධ භෝග අක්රකමවත්ව වගා කරති.  ගොවිතැන මෙහි ජනතාවට ඉහළ ආදායම් ගෙනෙන ජීවන වෘත්තියක් නොවන අතර ඒ සඳහා බොහෝ හේතු පවතී. පාංශු හායනය ඒ අතරින් ප්රදධාන සාධකයක් වන නමුත් බොහෝ ගොවීන් ඒ බව නොදනී.
දොළුව ප්රතදේශය පාරිසරික වශයෙන් ඉතා සංවේදී ප්රොදේශයක් වන අතර එය මහවැලි ගඟේ ජල පෝෂක ප්රුදේශයයි. කෘෂිකර්මාන්තය මෙන්ම කෘෂිකාර්+මිකනොවන හේතු නිසා ප්රහදේශයේභූමිය අඛණ්ඩව හායනයට ලක්වන අතර එය වැළැක්වීමට සහ පුනරුත්තාපනයට රජයේ අවධානය දැන් යොමු වී ඇත.
කේ.එම්. ශාන්ත කල්ලොරා (43) ගුරුකැලේ වෙසෙන ගොවි මහතෙකි. ශාන්ත සහ ඔහුගේ බිරිඳ අනුලා කුමාරි (37) දිරිය ගොවීන් වන අතර ඔවුන් සතු අක්කර 2ක් පමණ වන ගෙවත්ත සහ ඉඩම්  විවිධ භෝග වගාව සඳහා යොදාගෙන ඇත. අනුලා කුමාරි සාර්ථක ලෙස බිම්මල් වගාවක් සිදුකරන අතර  ඇය ඉන් ඉහළ ආදායමක් උපයන බව පවසයි.
ශාන්ත තේ වගාව, එළවලු වගාව සහ කිරි ගව පාලනයේ නිරත වේ. වෘත්තියෙන් පෙදරේරුවෙකු වුව ද ගොවිතැන දිගු කාලීනව වඩාත් ලාභදායී බව පවසන ඔහු ග්රායමීය ශ්ර ම වෙළෙඳපොලේ පවතින ප්රරධාන ප්රිවනතාවය වන කෘෂිකාර්+මාන්තයඅතහැර ඉදිකිරීම් ක්ෂේත්රඳයට ශ්රුම ගලනයට ප්රරතිවිරුද්ධව ක්රි(යා කරයි.ඔහු පවසන්නේ කෘෂිකර්+මාන්තය  තිරසාර ඉහල ආදායම් මාර්ගයක් වන බව සහ එදිනෙදා කුලී වැඩ කිරීම එසේ නොවන බවයි.
ශාන්ත සතු ඉඩම් කැබලි දෙකම දැඩි බෑවුම් සහිත පාංශුඛාදනයට ලක්වූ ඉඩම් වේ. ප්රගධාන වශයෙන් තේ වගා කර ඇති අතර තේ වගාවේ සෙවන ශාක ලෙසත් අතිරේඛ බෝගයක් ලෙසත් ගම්මිරිස් වගාව ද එළවලු සහ පලතුරු වගාවන් ද සිදුකරයි.  
ප්රුදේශයේ සියලු ගොවීන් මෙන්ම ශාන්ත ද පොදු ගැටළු රැසකට මුහුණ දෙයි. වසරේ වැඩි කාලයක් පවතින නියඟය සහ දේශගුණික විපර්යාස නිසා නිරන්තර සිදුවන වර්+ෂාරටාවේ වෙනස්කම් ඔවුන්ගේ වගාවන්ට දැඩි බලපෑම් එල්ල කරයි.
හායනයට ලක්වූ ඉඩම්වල පසට තව දුරටත් ඔවුන්ගේ වගාවේ පලදායීතාව ඉහල නැංවීමට නොහැක. පිළියම් ලෙස අධික ලෙස රසායනික පොහොර යොදන නමුත් පාංශු පරීක්ෂාවකින් තොරව සිදුකරන මෙම ක්රිවයා නිෂ්පාදන වියදම ඉහළ නංවනවා විනා පලදායීතාවේ වර්ධනයක් ඇති නොකරයි.එමෙන්ම එය පාංශු දූෂණයට සහ ජල දූෂණයට මග පාදයි.
තම ඉඩමේ සහ පසේ පවතින මෙම පිරිහුණු තත්වය අඩු අස්වැන්නට සහ අඩු ආදායමට හේතුව බව ශාන්තට වැටහීමක් නොවීය. 2018 දී එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්+ම සංවිධානයේ හායනයට පත් කෘෂිකාර්+මිකඉඩම් පුනරුත්ථාපානය කිරීමේ ව්යා පෘතිය සමග සම්බන්ධ වීමෙන් පසුව ශාන්ත මේ පිළිබඳව දැනුවත් වන්නට විය. ව්යාරපෘතිය මගින් සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ සහ පුහුණු වැඩසටහන් වලට සහභාගී වූ ශාන්ත තම ඉඩමේ පස් පිලිබඳ වැඩි අවධානයක් යොමුකරන ලදී.
"ව්යාූපෘතියේ නිලධාරීන් ඉඩමේ පස සංරක්ෂණය සහ වැඩි දයුණු කිරීම පිළිබඳව ගමේ ගොවීන් දැනුවත් කළා. අස්වැන්න සහ ආදායම වැඩි කර ගන්න ඉඩමේ පස් වැඩි දයුණු කරගන්න උපදෙස් දෙන අතරම පාංශු සංරක්ෂණ ක්ර ම සඳහා ගොවීන්ට මුදල් ලබා දුන්න. බොහෝ ගොවීන් එම මුදල් යොදාගෙන තම ඉඩම සකස්කර ගත්ත." ඔහු පවසයි.
ගුරුකැලේ ප්රආදේශය මහනුවර දිස්ත්රි ක්කයේ  විශාල ප්රහදේශයකට ජලය සපයන නිල්ලඹ ජලාශයේ ජල පෝෂක ප්රුදේශයේ කොටසකි. එම ප්රලදේශයේ සිදුවන පාංශු හායනය ඍජුවම ජලාශයේ ජලයේ ගුනාත්මක බවට බලපායි.
ශාන්ත ගේ කිරි ගව පාලනය පැවතියේ අවිධිමත් ලෙස. ශාන්තට කිරි දෙනුන් 4 දෙනෙකු සිටි අතර විධිමත් ගව ගාලක් පැවතියේ නැත. ව්යාලපෘතිය මගින් ශාන්තගේ මෙම කිරි ගව පාලනය විධිමත් කිරීමටත් ගව පාලනය සහ භෝග  වගාව ඒකාබද්ධ කිරීමටත්උපදෙස් සහ ආධාර ලබාදෙන ලදී.
“ව්යාවපෘතිය මට යෝජනා කළා මගේ ඉඩමේ භූමි කළමනාකරණය හරියට කරල ගවගාලේ අපද්රාව්යම කළමනාකරණය කරලා කොම්පෝස්ට් පොහොර නිපදවීමට සහ භෝග  වගාව සඳහා යොදාගැනීමට සූදානම් නම් විධිමත් ගව ගාලක් සහ ගොවිපල අපද්රවව්ය  බැහැර කිරීමේ ටැංකි සෑදීමට මුදල් දෙන බව. මම එකඟ වුනා. මම ගව ගාල සකස් කළා. ව්යාවපෘතිය මගින් මට රු.70,000.00ක් ගෙව්වා. එම මුදලින් මම තවත් වැස්සියෙක් ගත්ත. දැන් අලුත ලැබුණු පැටව් සමග සත්තු 9 දෙනෙක් මගේ ගව පට්ටියේ ඉන්නවා.”
" වැදගත්ම දේ තමයි මෙම ගවගාල ඉදිකිරීම නිසා මගේ තේ වගාවේ ආදායමත් කිරි නිෂ්පාදනයත් මුළු ආදායමත් විශාල ලෙස වැඩි වුනා. එළවලු වගාව සහ ගව පාලනය ඒකාබද්ධ කිරීමේ වැඩසටහනකට මම යොමු වුනා. ගොම පොහොර එළවලු වගාවට මෙන්ම තේ වගාවටත් දැන් මම යොදනවා. මීට පෙර එළවලු වලටගොම පොහොරයෙදුවට තේ වගාවට යෙදීම පිළිබඳව සිතුවේවත් නෑ. ඒ අනුව එළවලු වලින් ලැබෙන ආදායම සහ තේ වලින් ලැබෙන ආදායම වැඩි වුනා. විධිමත් ගව ගාලක් ඉදිකිරීම මගින් නොසිතූ ලෙස කිරි නිෂ්පාදනය ඉහල ගියා. සතුන්ට හොඳට කෑම සහ ජලය ලැබෙන බවින් සතුන් නිරෝගී වුනා. කිරි නිෂ්පාදනය දිනකට ලීටර් 10කින් පමණ ඉහළ  ගියා.” කල්ලොරා පවසයි.
කල්ලොරාගේ ඉඩම තිරසාර භූමි කළමනාකරණය සහ සත්ව පාලනය සහ භෝග වගාව ඒකාබද්ධ කිරීම පිලිබඳ ආදර්ශනයක් ලෙස ව්යා පෘතිය මගින් යොදා ගනී.