වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කලුබුලු ලන්ද ග්‍රාම නිලධාරී වසම දිවයිනේ කඳුකර වියලි කලාපයට අයත් කෘෂිකාර්මික ප්‍රදේශයකි. තේ වගාවත් එළවළු සහ අර්තාපල් වගාවත් ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ.
ප්‍රදේශයේ පවුල් 545ක් ජීවත්වන අතර ඔවුන් අතුරින් බහුතරයක් යම් ඉහළ සමාජ ආර්ථික මට්ටමක සිටින මධ්‍ය ආදායම් ලාභීන් වන අතර දිලිඳු ජනතාවට ලබාදෙන සමෘද්ධි සහනාධාරය ලබන පවුල් සිටින්නේ 80ක් පමණි.
කලුබුලු ලන්ද ප්‍රදේශය මධ්‍ය කඳුකරයේ වඩාත් බරපතල ලෙස හායනයට පත් භූමියකින් යුතු ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇත. තිරසාර නොවන කෘෂිකර්+මාන්තයත්, තේ වගාවත් මෙම තත්ත්වයට හේතු වී ඇත. දේශගුණික විපර්යාසවල සෘජු බලපෑම් වලට ද කලුබුලු ලන්ද වැසියෝ කලක සිට මුහුණදෙමින් සිටිති. වෙනස් වූ මෝසම් වැසි රටාව සහ වර්+ෂාපතනය අඩු වීම ජනතාවගේ ජීවනෝපායන්ට සෘජුව බලපෑම් කරයි. මෝසම් වැසි අවසන් වී කෙටි කාලයකින් ප්‍රදේශයේ සියලු ප්‍රධාන ජල උල්පත් සිඳී යන බැවින් වගාබිම් බොහොමයක් පාළුවී යයි. ප්‍රදේශයේ ප්‍රධාන වෙල්යායක් වන ගමේවෙල යාය වසර ගණනාවක සිට පුරන්ව ගොස් ඇත.
එහෙත් කලුබුලු ලන්ද කෘෂි පරිසර පද්ධතිය වසර 70-80 ක දන්නා ඉතිහාසය පුරා ඉතා සමතුලිතව පැවති බව ගමේ පන්සලේ විහාරාධිපති හිමියෝ ඇතුළු වැඩිහිටියෝ පවසති. කලුබුලු ලන්ද මහවැව මෙම පරිසර පද්ධතියේ ඉතා වැදගත් අංගයක්ව පැවති අතර තිරසාර නොවන වගාක්‍රම නිසා ඇතිවූ පාංශු ඛාදනය හේතුවෙන් එය මුළුමනින්ම ගොඩවී පැවතුනි. අනවසර වගාකරුවන් විසින් වැව් රක්ෂිතයේ විශාල ප්‍රදේශයක ඉඩම් අල්ලාගෙන වගාව සඳහා යොදාගෙන ඇත. ප්‍රදේශයේ තේ වගාව සශ්‍රීකව පැවති බ්‍රිතාන්‍ය පාලන සමයේ වතු පාලකයෙකු විසින් සිය අශ්වයින් නැහැවීම සඳහා මෙම කුඩා වැව ඉදිකළ බව ජනප්‍රවාදයේ දැක්වේ.
සෘජු ජල මූලාශ්‍රයකින් පෝෂණය නොවන මෙම කුඩා වැව වර්+ෂා කාලයේදී ජලයෙන් පිරී ගිය බවත් එහි ජලය අවට ජල මූලාශ්‍ර පෝෂණය කරමින් මාස 6ක පමණ කාලයක් දරා සිටි බවත් ප්‍රදේශයේ වැඩිහිටියෝ පවසති.
ඒ අනුව කලුබුලු ලන්ද මහවැව ප්‍රතිස්ථාපනය කිරීමෙන් සහ එම වැව් රක්‍ෂිතය වෙන්කොට සංරක්ෂණය කිරීම මගින් ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණදෙන උග්‍ර ජල හිඟයට දිගුකාලීන විසඳුම් ලබාගත හැකි බව ජනතාව විසින් පෙන්වා දෙන ලදී. වැලිමඩ ප්‍රාදේශීය ලේකම් ඇතුළු අනෙකුත් රජයේ නිලධාරීන්ගේ ද අනුමැතිය යටතේ කලුබුලු ලන්ද මහවැව ප්‍රතිස්ථාපනය කිරීමට තීරණය කරන ලදී.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්+ම සංවිධානයේ හායනයට පත් කෘෂිකාර්+මික ඉඩම් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය අරමුදල් සපයා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. ව්‍යාපෘතිය මඟින් රු. මිලියන 1.15ක් පමණ මෙම ඉදිකිරීම් සඳහා ආයෝජනය කර ඇත.
ඒ අනුව වැව හාරා රොන් මඩ ඉවත්කර වැව් බැම්ම අලුතින් ඉදිකරන ලදී. වැව් රක්ෂිතය මැන වෙන් කරන ලද අතර ඒ වටා වැටක් ඉදි කිරීමට යෝජිතය. වැව අවට පිහිටි කෘෂිකාර්+මික ඉඩම් සඳහා තිරසාර භූමි කළමනාකරණ ක්‍රම හඳුන්වා දීටමත් විශේෂයෙන්ම පාංශු ඛාදනය වැලැක්වීමටත් ගොවීන්ට මුදල් ආධාර, රෝපණ ද්‍රව්‍ය, තිරසාර භූමි කළමනාකරණය පිලිබඳ පුහුණුව සහ තාක්ෂණික දැනුම ව්‍යාපෘතිය මඟින් සපයන ලදි.
කලුබුලු ලන්ද වසමේ සංවර්ධන නිලධාරී රවීන්ද්‍ර ගුණරත්න මහතා පවසන්නේ මහවැව ජලයෙන් පිරී ගිය පසු එය සමස්ථ පරිසර පද්ධතියේම පැහැදිලි වෙනසක් ඇතිකරනු අතැයි අපේක්ෂා කරන බවයි. මෙම වැව මීට ඉහතදී මැදුල් අරාව, බටපෑල සහ කලුබුලු ලන්ද යන ගම් වලද ඉඩමේ ගම ග්‍රාම නිලධාරී වසමේද විශාල ප්‍රදේශයක ජල උල්පත් සක්‍රිය කිරීමට දායක වී ඇත. එබැවින් දැනට ජල හිඟයෙන් පීඩා විඳින මෙම ප්‍රදේශවල ජනතාවට වැව පිරුණු පසු එළඹෙන මහ කන්නයේ සිට ප්‍රතිලාභ ලැබෙනු ඇති බවත් මෙම ව්‍යාපෘතියමගින් පවුල් 1,300 කට පමණ ප්‍රතිලාභ ලබාදෙනු ඇති බවත් ඔහු පවසයි.
වැව ජලය ගබඩාකර බෙදාහැරීම අරමුණු නොකරන අතර එහි සොරොව් ඉදිකර නොමැත. පිටවානක් සහ වැවට රොන්මඩ එකතුවීම වැලැක්වීම සඳහා පෙරනයක් ඉදිකර ඇත.
මෙහිදී භූගත ජල මූලාශ්‍ර පෝෂණය කිරීම සඳහා පිළිගත් මූලධර්මයක් වන (Percolation Tank) කාන්දු ජලාශ යන ක්‍රමවේදය යොදා ගන්නා අතර මෙම තාක්ෂණය මෙරට ඈත අතීතයේ සිටම යොදාගෙන ඇති බව පෙනේ. මෙම යෝජනාව පිළිබඳව ව්‍යාපෘතිය මගින් සිදුකල මුලික අධ්‍යයනයන් මගින් ද මෙම ව්‍යාපෘතියේ සක්‍යතාවය පිළිබඳව අධ්‍යයනය කරන ලදී.
මධ්‍ය කඳුකරයේ පැරණි ගම් ආශ්‍රිතවත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් විශාල තේවතු ආශ්‍රිතවත් මෙවැනි කුඩා වැව් හා ජලාශ ගණනාවක් ඉදිකර ඇත. ඒවා බොහෝවිට භූගත ජල උල්පත් පෝෂණය සඳහාත් ජලසම්පාදනය සඳහාත් යොදාගෙන ඇත.
ශ්‍රී ලංකාව විශිෂ්ඨ වාරි ශිෂ්ටාචාරයකට උරුමකම් කියන අතර දිවයින පුරා ව්‍යාප්තව පවතින මහා වැව් හා ජලාශ සහ එලන්ගා පද්ධතිය වැනි වාරි ක්‍රම මගින් අපේක්ෂා කරන එක් අරමුණක් වන්නේ ද භූගත ජල සම්පත් පෝෂණය කිරීමයි.
වැසි ජලය රඳවාගැනීම මගින් භූගත ජලය පෝෂණය කිරීම පිළිබඳව බොහෝ අධ්‍යයනයන් සිදුකර ඇත. ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සිදුකළ මෙවැනිම ව්‍යාපෘතියක් පිලිබඳ Global Theme on Agro ecosystem Report No.20 වාර්+තාවේ දැක්වේ. On-site and Off-site Impact of Watershed Development: A Case Study of Rajasamadhiyala, Gujarat, India ලෙස නම්කර ඇති මෙම වාර්+තාව ‘දිළිඳුබව සහ භූමි හායනය අඩුකිරීම සඳහා සහභාගීත්ව ජලපෝෂක කළමනාකරණ ව්‍යාපෘතිය’ නම් ව්‍යාපෘතියේ අත්දැකීම් ඉදිරිපත් කරයි. ව්‍යාපෘතියට ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය (IWMI) සහ තවත් ආයතන කිහිපයක් ආධාර ලබා දී ඇත.
ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ අර්ධ ශුෂ්ක ප්‍රදේශයක පිහිටි රාජසමදියාල ජලපෝෂකය පිලිබඳ මෙම සිද්ධි අධ්‍යයනය මගින් අවධානය යොමුකරයි. එහි දී හඳුනාගෙන ඇත්තේ ජලපෝෂක කළමනාකරණය මගින් සහ වැසි ජලය සංරක්ෂණය කිරීම තුලින් එම ප්‍රදේශයේ වගාකරන ප්‍රධාන භෝගය වන රටකජු වගාවේත් අනෙකුත් ප්‍රධාන භෝග වලත් එලදායීතාවය සහ ඒවා වගාකරන වාර ගණන වසර 8 ක කාලයක් තුළ 32% කින් ඉහළ ගිය බවයි. එමෙන්ම ප්‍රදේශයේ භූගත ජල මට්ටම ඉහළ යාම නිසා ඉහළ වටිනාකමක් සහිත වානිජ් භෝග වගාකරමින් ප්‍රදේශයේ කෘෂිකර්+මාන්තය විවිධාන්ගීකරණයට ලක්වූ බවත් ඒ අනුව ප්‍රදේශයේ සමාජ ආර්+ථික දියුණුවක් ඇතිවූ බවත් අධ්‍යයනය මගින් පෙන්වා දෙයි.
ඩොලර් මිලියන 0.36 ක් ආයෝජනය කර එක ගමක ඉදිකළ වැසි ජලය රැස්කරන නිර්+මිතයන් මගින් වාර්+ෂික වර්+ෂාපතනයෙන් 40% ක් පමණ රඳවා ගැනීමට මෙහි දී හැකිවී ඇත. ප්‍රදේශයේ භූමියේ සංයුතිය දැඩි පාෂාණ වලින් යුතු වූ බැවින් මෙම ජලාශ වැසි සමයේ කිහිප වතාවක් උතුරා පිටාර ගලයි. මෙම ව්‍යාපෘතිය නිසා ජලාශවලට පහලින් පිහිටි ප්‍රදේශ වලට භූගත ජල මට්ටම ඉහළ යාම, රොන්මඩ නිසා ඇතිවන හානි අඩු වීම සහ ගංවතුර පාලනය වැනි වාසි ගණනාවක් ලැබී ඇත. පහළ පිහිටි ගම් දෙකක සිදුකරන ලද සවිස්තරාත්මක අධ්‍යයනයකට අනුව භූගත ජල මට්ටම 25%කින් ඉහළ ගොස් අති බවත් කෘෂිකර්+මාන්තයේ එලදායිතාවය 25-30% කින් ඉහළ ගොස් අති බවත් සොයාගෙන ඇත.