කෘෂිකර්මයට වින කරන මන්දපෝෂණයට අතවනන බිඟුන්ගේ වඳ වීම
ලෝක බිඟු දිනය 2019
ගෝලීය වශයෙන් සිදුවන බිඟු ගහනය අඩුවීම මානව යහ පැවැත්මටත්, ජීවනෝපායන්ටත් තීරණාත්මක විශාල පරාසයක පැතිරුණ ශාක විශාල සංඛ්‍යාවකට තර්ජනයක්ව පවතින බැවින් සාගින්නට සහ මන්දපෝෂණයට එරෙහිව සටන්කරන අපගේ ප‍්‍රධාන මිත‍්‍ර පාර්ශවය වන බිඟුන් ආරක්ෂාකර ගැනීමට ලෝකයේ රටවල් නොපමාව පියවර ගතයුතු බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මෙවර මැයි මස 20 බිඟු දිනයේ දී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
තීව‍්‍ර කෘෂිකාර්+මික පිළිවෙත්, තනි වගාවන්, කෘෂි රසායන අධික ලෙස භාවිතා කිරීම, දේශගුණික විපර්යාස නිසා ඇතිවී තිබෙන ඉහළ උෂ්ණත්වය වැනි සාධක නිසා ලෝකයේ බොහෝ කලාපවල බිඟුන් ඇතුළු අනෙකුත් පරාගනයට දායකවන සතුන් විශාල වශයෙන් වඳවෙමින් පවතින අතර එය භෝගවල අස්වැන්නට පමණක් නොව ඒවායේ පෝෂණ ගුණයට ද බලපාන බව එම නිවේදනය මගින් පවසයි.
පරිසර පද්ධතියක වෙසෙන සතුන් ඇතුළු සියලූ ජීවින් භූමි සම්පත් ලෙස සැලකේ. තිරසාර කෘෂිකර්මාන්තයක් සඳහා ජෛව විවිධ්ත්වයේ මෙම සියලූ අංග අවශ්‍ය වන අතර ජෛව විවිධත්වය සුරැුකීම තිරසාර භූමි කළමනා කරණයේ ප‍්‍රධාන අංගයකි. එබැවින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්+ම සංවිධානයේ හායනයට පත් කෘෂිකාර්මික ඉඩම් පුනරුත්තාපනය කිරීමේ ව්‍යාපෘතිය මගින් මෙම ජීවීන් කෘෂිකර්මාන්තයට දක්වන දායකත්වය පිිලිබඳව ගොවීන් දැනුවත් කරයි. ව්‍යාපෘතිය මගින් බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ ගොවීන්ට මීමැසි පාලනය සඳහා ආධාරකරයි.
පියසිරි ගුණසේකර
පාරිසරික වනවිද්‍යා විශේසඥ සහ හායනයට පත් කෘෂිකාර්මික ඉඩම් පුනරුත්තාපනය කිරීමේ ව්‍යාපෘතියේ ක්ෂේත‍්‍ර සම්බන්ධීකාරක
ලෝක බි`ගු දිනය මෙවරත් මැයි මස 20 වැනි දිනට යෙදිණි. වත්මන් මී මැසි පාලනයේ ශිල්ප ක‍්‍රම ලොවට හ`දුන්වා දුන් ස්ලෝ්වේනියා ජාතික ඇන්ටන් ජැන්සා :්බඑදබ න්‍්බි්* සිහිවීම පිණිස, ඔහුගේ උපන්දිනය යෙදෙන මැයි මස 20 වැනි දින ලෝක බි`ගු දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ම`ගින් නම් කර ඇත. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් 2017 ක් වූ දෙසැම්බර් මස ස්ලොවේනියා රජයේ ඉල්ලීමයක් පරිදි මෙලෙස එම යෝජනාව සම්මත කරමින් මෙම දිනය ප‍්‍රකාශයට පත් කරන ලදී.
හිරුත් සම`ග අවදිව මල් ගොමු කරා යුහුසුළුව ඇදෙන බි`ගු විශේෂ කඩිසර බවේ සංකේතයයි. ජෛව විවිධත්වය හා පරිසර පද්ධතීන්ගේ තිරසාර පැවැත්මට හා කෘෂිකාර්මික හා වනාන්තර පද්ධති අතර සෘජු සබ`දතාවක් ගොඩනගන බි`ගුන් ඉටු කරන මහ`ගු සේවය අගය කිරීමට එම සේවය ලොවට විදහා පෑමට හා ඔවුන් වත්මන මුහුණ පා ඇති තර්ජනීය තත්ත්වය ලොවට අවබෝධ කරලීම ස`දහා මෙම දිනය නම් කරනු ලැබීය.
පරිසරය තුළ පරාගන ක‍්‍රියාවලිය ස`දහා දායක වන ප‍්‍රමුඛ සත්ත්ව කාණ්ඩය වන්නේ මී මැස්සා ද ඇතූළුව හයිමෙනොප්ටෙරා :්‍යහපැබදචඑැර් - ්චසා්ැ* ගෝත‍්‍රයට අයත් බි`ගුන් විශේෂ 20,000 ක් 30,000 ක් අතර ප‍්‍රමාණයකි. මේ අතරින් විශේෂ 7 ක් පමණ පැණි රැුස් කරනු ලබයි. අනෙකුත් බි`ගු විශේෂ සක‍්‍රීය පරාගන කාරකයින් වේ. ඉතා විශාල විවිධත්වයක් දරන ඉහත ස`දහන් ගෝත‍්‍රයට අමතරව සමනලයින්, සලබයින්, බඹරුන්, දෙබරුන්, කුහුඹින් හා කුරුමිණියන් ද පරාගනයෙහි විශේෂිත සේවයක් ඉටු කරයි.
විශේෂයෙන් බඹරුන් හා දෙබරුන් පරාගනයේදී විශේෂත්වයක් දරයි. අධික උණුසුම, සීතල හා වර්ෂාපතනය පවතින විටදී පවා රොන් සොයා යෑමේ හැකියාවක් මෙම සතුන්ට ඇත. බඹරුන් හා දෙබරුන් මී මැස්සන්ට සාපේක්ෂව ක‍්‍රියාකාරී විශේෂයන් වන අතර ඔවුන්ගේ ශරීර ප‍්‍රමාණය හා බර ඵලදායී පරාග පෝෂණයක් ස`දහා හේතු සාධක වේ.
පරාගනය
පරාගනය යනු පුෂ්පයක පරාග ධානියේ ඇති පරාග එම පුෂ්පයේම හෝ වෙනත් පුෂ්පයක කලංකය වෙත ගෙන යාමයි. පරාග එම පුෂ්පයේම කලංකය මත පතිත වීම ස්ව පරාගනය ලෙසින් හ`දුන්වන අතර, වෙනත් පුෂ්පයක කලංකය මත පතිත වීම පර පරාගනය ලෙසින් හ`දුන්වයි. පරාගනය සිදුවන ආකාර කිහිපයකි. සතුන්, සුළ`ග හා ජලය පරාගන කාරක වන අතර ශාක විශේෂ 3/4 ක පරාගනය ස`දහා සතුන් අත්‍යාවශ්‍යය.
පාරිසරික සබ`දතා, පරිසර පද්ධති සංරක්ෂණය හා ස්ථාවරත්වය, ශාක ලෝකයේ ජාන විවිධත්වය, ශාක විවිධත්වය, විශේෂිකරණය සහ පරිණාමය ස`දහා අත්‍යාවශ්‍ය පාරිසරික ක‍්‍රියාවලියක් ලෙස පරාගනය හැ`දින්විය හැක. භෞමික පරිසරය තුළ පරාගනයට දායක වෙමින් බි`ගුන් ඇතුළු අනෙකුත් සතුන් අමිල සේවයක් ඉටු කරනු ලබයි. මෙම සේවය නොමැතිව ස්වභාවික වනාන්තර පද්ධති තුළ ශාක හා සතුන්ගේ පැවැත්මක් ඇති නොවනු ඇත.
විවිධ පුෂ්ප විවිධ හැඩයන් හා විවිධ වර්ණයන්ගෙන් යුක්ත වන අතර මෙම පිහිටීම් පරාගනය ස`දහා සතුන් ආකර්ශණය කිරීමේ උපක‍්‍රම වන අතර විශේෂයෙන් බි`ගුන් සුදු, නිල් සහ කහ වර්ණය සහිත පුෂ්ප වෙත වැඩි ආකර්ශණයක් දක්වයි. රාත‍්‍රී කාලයේදී පරාගනය වන පුෂ්ප බොහොමයක් සුදු වර්ණයෙන් යුක්ත වන අතර අඩු ආලෝක තත්ත්වයක් තුළ දකිමින් තද සුව`ද ඔස්සේ බි`ගුන් ආකර්ශණය වේ.
ලොව ආහාර නිෂ්පාදනයේදී සත්ත්ව පරාගනය අතිශය වැදගත් ක‍්‍රියාවලියකි. ප‍්‍රධාන ආහාර වන වී සහ තිරි`ගු වලට අමතරව අනෙකුත් පෝෂණීය ආහාර වන පලතුරු, එළවළු, ඇට වර්ග, දෘඩ ඵල ස`දහා සත්ත්ව පරාගනය අවශ්‍යය. සමහර කෘෂිකාර්මික බිම් ප‍්‍රමාණයෙන් 35% පමණම සත්ත්ව පරාගණය මත පදනම්ව ඇත. එවැනි ආහාර වලට අමතරව ඖෂධ, ජෛව ඉන්ධන, කපු හා ලිනන් වැනි කෙ`දි නිෂ්පාදන හා ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදනය කෙරෙහි මෙම පරාගන කාරකයින් සෘජු දායකත්වයක් සපයයි. මෙකී සුවිසල් පරාගණ කාරකයින්ගේ ගහනය හා එහි විවිධත්වය වත්මන් වෙනස් වන පරිසරයේ පැවැත්මට මෙන්ම අනාගත විවිධත්වය තුළද තිරසාර පැවැත්මට වැදගත්ය.
පරාගනය අත්‍යාවශ්‍ය බොහෝ පලතුරු, එළවළු, ඇට වර්ග හා දෘඩ ඵල වල රසය, හැඩය හා විශාලත්වය පවත්වා ගැනීම ස`දහා පූර්ණ පරාගනයක් සිදුවිය යුතුය. ඒ ස`දහා අවශ්‍ය පරාග බීජ ප‍්‍රමාණය පරාග කාරකයින්ගේ එක් සාර්ථක පැමිණීමකින් සිදු නොවේ. උදාහරණයක් ලෙස ඇපල් මලක සාර්ථක පරාගනයක් ස`දහා සාර්ථක පැමිණීම් හතරක් හෝ පහක් පරාගන කාරකයින් විසින් සිදුකල යුතුය.
ශාක ඵල දැරීමටත්, හටගන්නා ඵල සාර්ථක ඵල වීමටත් අවශ්‍ය බි`ගුන් ප‍්‍රමාණය හා ඔවුන්ගේ වාර ගණන පිළිබ`දව සැලකීමේදී මෙම සතුන්ගේ අධික විවිධත්වයේ අවශ්‍යතාවය මනාව පැහැදිලි වෙයි.
මී පැණි රැුස් කරන එක් සතෙකු දිනකට පුෂ්ප 7000 කට පමණ ගමන් කරයි. මී පැණි කිලෝ 01 ක් නිපදවීම ස`දහා දල වශයෙන් පුෂ්ප මිලියන 4 ක් (4,000,000* වෙත ගමන් කරන බව සොයගෙන ඇත. මානව ප‍්‍රජාවට පිටපත් කළ නොහැකි අග‍්‍රගන්‍ය නිමැවුමක් වන මී පැණි මිනිසා අනාදිමත් කාලයක සිට භාවිතා කල බවට සාක්ෂි ඇත. ලොව ඉතා රසවත් ආහාරයක් හා ඖෂධයක් වන මී පැණි මෙන්ම මී ඉටි විශාල වශයෙන් ඖෂධ ලෙස භාවිතා වෙයි. බටහිර රටවල වසරකට මී පැණි ටොන් මිලියන 1.6 ක් පමණ නිපදවයි. සාමන්‍යයෙන් මී මැස්සෙකු එක් චාරිකාවකදී පුෂ්ප 50 සිට 1000 දක්වා ගමන් කරයි. එවැනි චාරිකාවක් ස`දහා පැය භාගයක සිට පැය 04 ක කාලයක් ඔවුන්ට ගතවේ.
බි`ගුන් රොන් හා පැණි සෙවීමේදී එක් ශාක විශේෂයක පුෂ්ප ප‍්‍රමාණවත්ව තිබෙන විට තවත් ශාක විශේෂයන්හි පුෂ්ප සෙවීම අතහැර එම පුෂ්ප මත නැවත නැවත යැපෙනු අධ්‍යයනය කර ඇත. සමහර පුෂ්ප විවෘතව පවතින වේලාවන් විවිධ වන අතර බි`ගුන් කාලයත් සම`ග එකී වේලාවන්ට හුරු පුරුදු වන අතර අපහසුතාවයකින් තොරව එකී බාධාවන් ජයගනී.
මෙතෙක් ස`දහන් කල බි`ගුන්ට අමතරව පරාගනය ස`දහා දායක වන තවත් සත්ත්ව විශේෂ ඇත. එනම් වවුලන් වැනි පියාසර කරන ක්ෂීරපායීන, පියාසර නොකරන ව`දුරන් උනහපුලුවන්, මීයන්, ලේනුන් වැනි සතුන් ද පරාගනය සිදු කරයි. විශේෂයෙන් හමින්බර්ඞ් :්‍යමපපසබට ඉසරා*, පැණි කුරුල්ලන් :ීමබ ඉසරා* සහ ගිරවුන් විශේෂ පරාගනය ස`දහා දායක වෙයි.
ශාක හා සත්ත්ව ලෝකයේ පරිණාමය ස`දහා අතිශය වැදගත් ස්වභාවික අභිජනනය පවත්වා ගැනීම මෙන්ම එකී පරිණාමයේ සහ එම කෘෂි පරිසරය හා සෘජුව සම්බන්ධ කල හැකි මෙකී සත්ත්ව ගහනය වත්මන් ප‍්‍රවණතා හමුවේ අභියෝගයට ලක්ව පවතී.
දේශගුණික විපර්යාස, වාසස්ථාන අහිමිවීම, කෘෂි රසායන භාවිතය හා රෝග කාරක බීජ ව්‍යාප්තිය නිසාවෙන් ඔවුන්ගේ ගහන ඝනත්වය අඩුවීමේ තර්ජනයකට ලක්ව ඇත. උදාරණයක් ලෙස චීනයේ සමහර ප‍්‍රදේශයන්හි පරාගනය තීන්ත ආලේපනය ස`දහා යොදාගන්නා කෘත‍්‍රිම බුරුසු භාවිතා කරමින් මිනිසුන් විසින් සිදු කරනු ලබයි. මෙය පරාගනය කරන සතුන් හි`ගවීම නිසා සිදුවන ප‍්‍රබල පාරිසරික ව්‍යසනයකි. එමෙන්ම යුරෝපීය රටවල පලතුරු නිෂ්පාදනයේදී පරාගනය අවශ්‍ය පරිදි සිදු කිරීමට අවශ්‍ය පමණ බි`ගුන් නොමැති බව අධ්‍යයන ම`ගින් හෙලිව ඇත.
කෘෂි කර්මාන්තය, නිවාස තැනීම, කර්මාන්ත හා මං මාවත් තැනීම උදෙසා වනාන්තර හෙලි පෙහෙලි කිරීම සහ තිරසාර නොවන වනාන්තර ආශ‍්‍රිත නිෂ්පාදන නිසා බි`ගුන් ඇතුළු අනෙකුත් සතුන්ගේ වාසස්ථාන මෙන්ම ස්වභාවික පරාග හා පැණි සම්පත අහිමිව ඇත.
කෘෂි කර්මාන්තයේදී භාවිතා වන පලිබෝධනාශක, වල් නාශක හා දිලීර නාශක මෙම සතුන්ගේ පැවැත්මට ඉතා අහිතකර ලෙස බලපා ඇත. ගොවිබිම් ආශ‍්‍රිතව පවතින මී මැසි ජනපද වල ජීවත්වන සතුන්ගේ එන්සයිම ක‍්‍රියාකාරීත්වය, වර්ධනය, බිත්තර තැන්පත් කිරීමේ හැසිරීම් රටා, පුමිතිරි අනුපාතය, සචලතාවය, දිශානතිය අනුව පියාසර කිරීම, පැටවුන් පෝෂණය හා රැුකබලා ගැනීම, ඉගෙනීම හා ප‍්‍රත්ශක්තීකරණය වැනි කාරණා වෙනස් කිරීමේ හැකියාවක් දිලීර හා පළිබෝධනාශක වලට ඇති බව සොයාගෙන ඇත. ප‍්‍රතිශක්තීකරණය තුළ සිදුවන මෙවන් දුර්වලතා හේතුවෙන් ජනපදවල බි`ගු ගහනය සීඝ‍්‍රයෙන් පහත වැටෙමින් පවතී.
මෑතකදී කල පරික්ෂණයකට අනුව පළිබෝධනාශක අර්ධ මාරක මාත‍්‍රයට ලක්වීම නිසා බි`ගුන් විවිධාකාර පරපෝෂී හා රෝගකාරක විෂබීජවලට හසුවීමේ අවධානම වැඩිව ඇත. පළිබෝධ හා දිලීර නාශක විෂ වීම එම සතුන්ගේ බඩවැලෙහි වෙසෙන භදිැප් ජැර්බ්ැ නම් රෝග කාරක දිලීර විශේෂය කෙරෙහි දක්වන ප‍්‍රතිශක්තීකරණය හීන වීමට බලපාන අතර සතුන් දුර්වල, රෝගාතුර හෝ මරණයට පත්වේ. මෙය විශේෂයෙන්ම සෞම්‍ය කලාපීය රටවල ආසාදනයෙන් පසුව ගතවන සීත කාලයෙන් පසු දුර්වලව වසන්ත කාලයට මුහුණ දෙයි. මෙම රෝගී තත්වය ජනපදයක රැුජිණට වැළ`දුන විගස ඇය අභාවයට පත්වන අතර එය ජනපදයේම අවසානය වනු ඇත.
සෞම්‍ය කලාපයේ බි`ගු ජනපද ආශ‍්‍රිතව කරන ලද අධ්‍යයනයකට අනුව නිරීක්ෂණය කරන ලද මී පැණි නියැ`දි සියල්ලක්ම පාහේ පළිබෝධ හා දිලීර නාශක අර්ධ මාරක මාත‍්‍රයට වඩා ඉහළ අගයකින් අන්තර්ගත වූ බව පර්යේෂණ කණ්ඩායම පවසයි.
මෙම පරිසර ආශ‍්‍රිතව බි`ගු ජනපදවල හා අනෙකුත් සතුන්ගේ පැවැත්ම ඉතා කෙටි මෙන්ම අස්ථාවර විය හැකි බැවින්, අප ඔවුන් ආශ‍්‍රිතව උපයන සෘජු ආදායම සලකා නොව පරිසරයේ තිරසාරත්වය සලකා ඔවුන් ඇගයිය හැකි ආකාර 06 ක් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙයි.
එනම්,
01ග අප ප‍්‍රිය කරන, රසවත්, ගුණවත් විටමින් අධික ආහාර නිපදවීම ස`දහා වෙහෙසෙන බි`ගුන් වෙනුවෙන් ඔවුන් ප‍්‍රිය කරන දේශීය සපුශ්ප ශාක හා පැළෑටි වවමින් අඛණ්ඩව පරාග හා පැණි ලබා ගැනීමට අවස්ථාව සැපයීම.
02ග වනගත ප‍්‍රජාව හා කුඩා පරිමාණ ගොවීන් බි`ගුන් ආශ‍්‍රිත නිෂ්පාදන තිරසාර ක‍්‍රමවේද මනාව ඇසුරු කරමින් ඉදිරිපත් කරන බැවින් එම නිෂ්පාදන සෘජුවම ඔවුන්ගෙන් මිලදී ගැනීම.
03ග බි`ගුන් හිමිදිරි උදෑසන සිට සවස වන තෙක් ඉතා වෙහෙසකර කාර්යයක නියැලෙන අතර ඔවුනට පිරිසිදු ජලය අවශ්‍ය වේ. ජනපද ආශ‍්‍රිතව පැමිණෙන බි`ගුන් නොගිලෙන පරිදි ගල් කැට කෝටු කැබලි දමන ලද නොගැඹුරු ජල බ`දුනක් තැබීමෙන් ඔවුනට ජලය පානයට හා විවේකි ස්ථානයක් තැනීම.
04ග ගෙවත්ත තුළ කෘෂි රසායන භාවිතයෙන් තොර කලාපයක් කිරීම.
05ග කුඩා ගෙවතු තුළ නිෂ්පාදන ප‍්‍රභවය 24% කින් පමණ ඉහළ දැමීමට බි`ගුන් සහ අනෙකුත් පරාග කාරකයින් හේතු සාධක වන බැවින් එම සතුන් ස`දහා සුදුසු වාසස්ථානයක් සුදුසු දේශීය ශාක වගා කරමින් සංරක්ෂණය කොට වෙන් කිරීම.
06ග බි`ගුන් කෙරෙහි දක්වන අනියත බිය තුරන් කර ඔවුන් අප පරිසර පද්ධතියේ වැදගත් කොටසක් ලෙසින් සලකා ඔවුන්ගේ පැවැත්ම සහ සහ පැතිරීමට අවශ්‍ය සහාය හා පසුබිම සැලකීම.
තීරණ ගැනීමේදී පහත ප‍්‍රවේශයන් අනුගමනය කිරීම.
- බි`ගුන් ස`දහා ආරක්ෂිත පළිබෝධනාශක ප‍්‍රතිපත්ති හ`දුන්වා දීම.
- පරාගන කාරකයින් ස`දහා සුදුසු වාසස්ථාන වැඩි දියුණු කිරීම.
- පාරිසරික සේවා ඇගයීම, දිරිදීම හා ගෙවීම් ක‍්‍රම සැකසීම.
- එක්ව පර්යේෂණ කිරීම සහ ප‍්‍රතිඵල අදාල පාර්ශව වෙත ලබාදීම.
- පොදු මහජනතාව දැනුවත් කිරීම හා දැනුම හුවමාරු කර ගැනීම.