රටෙහි දැනට පවතින වනාන්තර ගහනය සංරක්ෂණය කරමින්, වන ආවරණය 2% කින් පුළුල් කිරීමට නියමිත වන නමුත් බොහෝ සම්පත් හීන ගොවීන් තම ජීවනෝපාය සඳහා වනාන්තර එළිපෙහෙළි කරමින් බෝග වගාවේ යෙදී සිටී. ගොවි ජනතාවගේ අවශ්‍යතා තිරසාර ලෙස සපුරාලන ආකාරය මත වන සංරක්ෂණයේ ප්‍රායෝගිකත්වය රඳා පවති. බෝග වගාව ප්‍රවර්ධනය කිරීම, ගැමි ජනතාවට ස්ථිර ආදායම් මාර්ගයක් සලසන අතර, වනාන්තර ආරක්ෂා කිරීමට මෙන්ම එය තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහාත් ඇති හොඳම විසඳුම වනු ඇත. එහිදී රබර් වගාව, ගොවි ජනතාවගේ ජීවන මට්ටම මෙන්ම ශාක වැස්මද ඉහළ නංවන අතරම, ස්වභාවික රබර් අවශ්‍යතාව සපුරාලීමෙන් රටට ප්‍රතිලාභ ලබා දේ. අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල රබර් ගොවීන් මසකට රුපියල් 30,000/- ක පමණ ස්ථිර ආදායමක් උපයන බවට වාර්තා වී ඇත. ඉහත දිස්ත්‍රික්ක දෙකට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේද රබර් වගාව සාර්ථක වී ඇත.
මෙම ප්‍රවේශය මඟින් පළාත් තුනක (එනම් උතුරු මැද, ඌව සහ නැඟෙනහිර) ග්‍රාමීය ප්‍රජාවන්ගේ සහභාගීත්වයෙන් ගොවිතැන් ක්‍රමයක් ලෙස රබර් වගා කිරීම අරමුණු කරයි.
- කෘෂිකාර්මික පද්ධති ප්‍රවේශයන් භාවිතා කරමින් හායනයට ලක් වූ වනාන්තර ඉඩම්වල වන ආවරණය ප්‍රතිෂ්ඨාපනය කිරීම
- දිළිඳු ගොවීන්ට ඔවුන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ස්ථාවර ආදායම් මාර්ගයක් ලබා දීම සහ එමගින් ග්‍රාමීය දරිද්‍රතාවය පිටුදැකීම
- විදේශ විනිමය ඉපැයීම ඉහළ නැංවීම සඳහා රට තුළ පවතින ස්වභාවික රබර් කර්මාන්තයට සහාය වීම
- 2050 වන විට රට තුළ කාබන් මධ්‍යස්ථතාවයෙන් යුත් හරිත ප්‍රතිපත්තියක් කරා ගමන් කිරීමට පහසුකම් සැලසීම