ශ්‍රී ලංකාවේ නව්‍ය තිරසාර භුමි කළමනාකරණ ක්‍රියාකාරකම් සඳහා වන ජාතික මට්ටමේ ඇගයීම

අයදුම්පත් කැඳවීමයි

මධ්‍ය කඳුකරයේ, මහනුවර, බදුල්ල හා නුවරඑලිය දිස්ත්‍රික්කවල හායනයටපත් ඉඩම් පුනරුත්ථාපනය කිරීමේ (RDAL) ව්‍යාපෘතිය, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, පරිසර අමාත්‍යංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතියේ කොටසක් වශයෙන් මෙම ජාතික අභිලාශය, තිරසාර භුමි කළමනාකරණය සම්බන්ධ යහපත් ක්‍රියාකාරකම් පිලිබඳ දැනුම හා අත්දැකීම් හුවමාරු කරගැනීම වර්ධනය කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මකවේ.


ස්වාධින විද්වත් කමිටුවක් මගින් නව්‍ය තිරසාර භුමි කළමනාකරණ ක්‍රියාකාරකම් (තිරසාර භුමි කළමනාකරණ තාක්ෂණයන් 10 සහ තිරසාර භුමි කළමනාකරණ ප්‍රවේශයන් 5 ) තෝරා ගනු ලැබේ. තිරසාර භුමි කළමනාකරණ තාක්ෂණයන් සහ ප්‍රවේශයන් තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී පහත සඳහන් මුලික උපමාන සැලකිල්ලට ගනු ලැබේ.

  • නව්‍යතාවය: නව අදහස් නිර්මාණය, සංවර්ධනය සහ ක්‍රියාත්මක කිරීම
  • ඵලදායිතාවය: යෝග්‍ය ප්‍රතිපල ලබාගැනීමට ඇති හැකියාව
  • කාර්යක්‍ෂමතාවය: පවතින සම්පත් ප්‍රශස්ත සහ අඩු වියදම් සහිත ලෙස භාවිතා කරමින් යෝග්‍ය ප්‍රතිපල ලබා ගැනීමට ඇති හැකියාව
  • අදාලතාවය: ක්‍රියාකාරකම් භුමි හායනය සම්බන්ධ ගැටළු සඳහා විසඳුම් ලබා දීමට සමත් විය යුතුය
  • තිරසරභාවය: කාර්යක්ෂම සම්පත් භාවිතය සමග ස්ථායී පැවැත්මක් සහිත විය යුතුය
  • සහභාගීත්ව: ක්‍රියාකාරකම් දියුණු කිරීමේදී හා සංවර්ධනය කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී බහුවිධ පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයක් පැවතීම

මෙම තරඟය පිලිබඳ හා අයදුම් කිරීම පිලිබඳ වැඩි විස්තර ලබා ගැනීම සඳහා සහ මීට අදාල සංකල්ප සටහන (concept note) බාගත කරගැනීම සඳහා පහත සඳහන් වෙබ් සබැඳි (links) වෙත පිවිසෙන්න. කරුණාකර ඔබගේ යෝජනා, සංකල්ප සටහනෙහි දක්වා ඇති ආකෘතියට අනුකුලව 2021 මාර්තු මස 31 වන දින හෝ ඊට පෙර පහත සඳහන් ලිපිනයට හෝ ඊ මේල් ලිපිනයට එවන්න.

සංකල්ප සටහන

 කළමනාකරු
හායනයට පත් ඉඩම් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය
ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය
දුරකථන අංක: 0812085120/0741747392
අංක 52, සරසවි මාවත, පේරාදෙණිය.
ඊ මේල්: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.