වාර්ෂික භෝග වගාවෙන් ස්ථිර භෝග වගාවට යොමුවීම: මධ්‍ය කඳුකරයේ භූමී හායනය වැළැක්වීමට නව ප්‍රවේශයක්.

වැලිමඩ ප්‍රදේශයේ පැවැත්වූ පුහුණු වැඩසටහනක්
එක්සත්ජාතීන්ගේ  ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ හායනයට පත් කෘෂිකාර්මික ඉඩම් න්රුත්ථාපානය කිරීමේ ව්‍යාපෘතිය අදාළ රාජ්‍ය ආයතන රැසක් සමග එක්ව බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රදේශයේ වාර්ෂික භෝග වගාව සඳහා යොදාගන්නා නමුත් ඊට නුසුදුසු අධික බෑවුම් සහිත ඉඩම් ස්ථිර භෝග වගාව සඳහා යොමුකිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නගන ලදී. 
මෙම ප්‍රවේශයේ අරමුණ වන්නේ අධික පාංශු ඛාදනය සහ අනෙකුත්  ආකාරවල භූමි හායනයන් වැළැක්වීමයි. මෙම ප්‍රවේශය එක්සත්ජාතීන්ගේ කාන්තාරකරණයට එරෙහි සම්මුතියට අනුව  2015-2024 සඳහා ශ්‍රීලංකාවේ ක්‍රියාකාරී සැලැස්මේ අඩංගු භූමි හායනය අවම කිරීමේ එක් ප්‍රධාන ඉලක්කයකි.
 
සාර්ථක ලෙස තේ වගාවට පරිවර්තනයකළ අර්තාපල් වගාකරනලද ඉඩමක්
මෙහිදී ව්‍යාපෘතිය කුඩා තේවතු සංවර්ධන අධිකාරිය සහ ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග එක්ව කටයුතු කරයි. 
වාර්ෂික භෝග වගාවෙන් ස්ථිර භෝග වගාවට යොමු කිරීමේ මෙම නව ප්‍රවේශයේ අරමුණු වන්නේ;
 ස්ථිර භෝග වගාවට යොමුකිරීම තුලින් වාර්ෂික භෝග වගාව සඳහා සිදුකරන නිරන්තර බිම් සැකසීම වැළැක්වීම 
 සුදුසු පාංශු සංරක්ෂණ ක්‍රමවේද සමග තේ වගාව හඳුන්වාදීම
 කෘෂි රසායනික භාවිතය අවම කිරීම
 ගවයින් සහ නිනි තැබීම් නිසා සිදුවන භූමි හායනය වැළැක්වීම
 ගොවීන් සඳහා වසර පුරා වැඩි ආදායමක් ලැබීම තහවුරු කිරීම