ඉඩම් පරිහරණ සැලසුම් කිරීම සඳහා වූ සහභාගීත්ව ප්‍රවේශය විධිමත්, අන්තර්ක්‍රියාකාරී ක්‍රියාවලියකි. එය ජනතාවගේ අවශ්‍යතා සහ ඉල්ලීම් අනුව ප්‍රදේශයේ ඉඩම් සහ අනෙකුත් සම්පත් ප්‍රශස්ත ලෙස වෙන් කිරීම කෙරෙහි මූලික වශයෙන් අවධානය යොමු කරන අතර එමඟින් තිරසාර ඉඩම් කළමනාකරණය ප්‍රවර්ධනය කරයි. මෙම ප්‍රවේශයේ ප්‍රධාන ලක්ෂණ වන්නේ බහු-ආංශික සම්බන්ධීකරණය, බහු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය සහ මෙම ක්‍රියාවලිය පුරාවට ඉඩම් පරිශිලකයන්ගේ සක්‍රීය සහභාගීත්වයයි.සපුගසුල්පත/ ගලයට කඳුර ක්ෂුද්‍ර ජල පෝෂකය, ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇත. තිරසාර නොවන ඉඩම් කළමනාකරණ පිළිවෙත් නිසා ප්‍රදේශයේ ඉඩම් හායනයට ලක් වී ඇති අතර එය ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මාන්තය මඟින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ සඳහා අභියෝගයක් වී ඇත. තවද “උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය” නිසා ප්‍රදේශයේ උග්‍ර ජල හිඟයයක් පවතී. එම නිසා ජල හිඟයට විසදුම් සෙවීමේ සහ හායනයට ලක් වූ ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රමෝපායන් හඳුනාගැනීමේ දැඩි අවශ්‍යතාවක් මතුව ඇත.

වී මෝල්වල ජනනය වන අපද්‍රව්‍යයක් වන දහය්යා, දහනය කිරීම හෝ දිරාපත් වීම හරහා එහි කාබන් හරිතාගාර වායුවක් ලෙස වායුගෝලයට එකතු වේ. එය ජීව අඟුරු බවට පරිවර්තනය කිරීම සහ යූරියා සමඟ අන්තර් සම්බන්ධ කිරීම (පිරවීම) මගින්  හරිතාගාර වායු විමෝචනය අවම කරන, N කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන සෙමින් නිදහස් වන නයිට්‍රජන් පොහොරක් (SRF) නිපදවිය හැක. දහය්යා බොහෝ විට සහල් සැකසීමේදී අපද්‍රව්‍යයක් ලෙස ඉවත් කරනු ලබන අතර, එහි කාබන්, ජෛව ඉන්ධන ලෙස දහනය කිරීම හෝ පසට දිරාපත් වීමට හැරීම හරහා හරිතාගාර වායුවක් වන කාබන් ඩයොක්සයිඩ් ලෙස වායුගෝලයට එකතු වේ. කෙසේ වෙතත්, දහය්යා ජෛව අඟුරු බවට පරිවර්තනය කිරීමේදී එහි කාබන් ස්ථායී වන අතර මී වදයක් වැනි ව්‍යුහයක් තුළ ක්ෂුද්‍ර සහ උප මයික්‍රෝන ප්‍රමාණයේ (ඉතා කුඩා) සිදුරු විශාල සංඛ්‍යාවක් ඇති වේ.

වැඩි දියුණු කරන ලද "කුන්තානිය" භාවිතා කරමින් 450°C සහ 650°C අතර උෂ්ණත්වයකදී දහය්යා ජෛව අඟුරු නිෂ්පාදනය කරන ලදී. දහය්යා ජෛව අඟුරු වල සිදුරු අවකාශ යූරියා සමඟ අන්තර් සම්බන්ධ කර (පුරවා) පසුව, සුදුසු වියෝජනය විය හැකි බන්ධකයක් භාවිතයෙන් සෙමින් නිදහස් වන පොහොර කැට නිෂ්පාදනය කරන ලදී. මෙම පොහොර කැට, N කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම සඳහා ඉවහල් වන බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. මෙමගින් ශ්‍රී ලංකාවේ කුඹුරුවල යූරියා අවශ්‍යතාවය 25% කින් පමණ අඩු කළ හැකි අතර එය පාරිසරික තිරසාරභාවයටද දායක වේ. ජෛව කාබන් මගින් පසෙහි භෞතික, රසායනික සහ ජීව විද්‍යාත්මක ගුණාංග තිරසාර ලෙස වැඩිදියුණු කළ හැකි බව  සොයාගෙන ඇත. මෙම ක්‍රියාවලිය කෘෂිකාර්මික අපද්‍රව්‍ය නිර්මාණශීලීව ප්‍රතිචක්‍රීකරණය කිරීමට දායක වීමකි.

කෘෂිකර්මයට වින කරන මන්දපෝෂණයට අතවනන බිඟුන්ගේ වඳ වීම

 
ලෝක බිඟු දිනය 2019

ගෝලීය වශයෙන් සිදුවන බිඟු ගහනය අඩුවීම මානව යහ පැවැත්මටත්, ජීවනෝපායන්ටත් තීරණාත්මක විශාල පරාසයක පැතිරුණ  ශාක විශාල සංඛ්‍යාවකට තර්ජනයක්ව පවතින බැවින් සාගින්නට සහ මන්දපෝෂණයට එරෙහිව සටන්කරන අපගේ ප‍්‍රධාන මිත‍්‍ර පාර්ශවය වන බිඟුන් ආරක්ෂාකර ගැනීමට ලෝකයේ රටවල් නොපමාව පියවර ගතයුතු බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මෙවර මැයි මස 20 බිඟු දිනයේ දී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

වෙළෙඳපොළ පදනම කරගත් තිරසාර කෘෂිකර්මාන්තයේ GAP (යහපත් කෘෂිකාර්මික පිළිවෙත්) ප්‍රවේශය එහි සාර්ථකත්වයත් සමග තව දුරටත් ව්‍යාප්ත වෙමින් පවතී. එක්සත්ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ හායනයට පත් කෘෂිකාර්මික ඉඩම් පුනරුත්තාපනය කිරීමේ ව්‍යාපෘතිය මගින් GAP ප්‍රවේශය නව ගොවි කණ්ඩායම් වෙත ගෙනයාම සඳහා ගොවි පුහුණු පාසැල් පැවැත්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශකවරුන් 13 දෙනෙකු පුහුණු කරන ලදී.