තිරසාර භූමි කළමනාකරණ ප්‍රවේශයන් - ශ්‍රී ලංකාව

වාර්ෂික වර්ෂාපතනය සාපේක්ෂ වශයෙන් ඉහළ අගයක් ගන්නා කඳුකර සහ අධික බෑවුමක් සහිත භූමි ප්‍රදේශයන්හි එළවළු වගා කරන ඉඩම්වල පාංශු ඛාදනය පාලනය කිරීම ඉතා වැදගත් වේ. වෙළඳපල අවස්ථා හිඟකම, තාක්ෂණික හා මූල්‍ය ආධාර හිඟකම සහ අතරමැදි කලාපයේ ජල හිඟය මෙම ප්‍රදේශවල ගොවීන් අත්විඳින ප්‍රධාන දුෂ්කරතා වන අතර මෙම ගැටළු, ගොවින් නව තිරසාර භූමි කලමනාකරණ තාක්ෂණයන්ට අනුගත නොවීමට ඍජුව හෝ වක්‍රව හේතු වී ඇත. තවද, මෙම කලාපවල කෘෂිරසායන ද්‍රව්‍ය අධික ලෙස සහ අනිසි ලෙස භාවිත කිරීම ගොවීන් අතර බහුලව දක්නට ලැබේ.

ඉහත සඳහන් ගැටළු මගහරවාගෙන තිරසාර භුමි කලමනාකරණය පවත්වාගෙන යාමට පෞද්ගලික සහ රාජ්‍ය අංශවල මැදිහත් වීම සාර්ථක ලෙස යොදා ගත් අවස්ථාවක් මෙම ලිපියෙන් දැක් වේ.

ඉඩම් පරිහරණ සැලසුම් කිරීම සඳහා වූ සහභාගීත්ව ප්‍රවේශය විධිමත්, අන්තර්ක්‍රියාකාරී ක්‍රියාවලියකි. එය ජනතාවගේ අවශ්‍යතා සහ ඉල්ලීම් අනුව ප්‍රදේශයේ ඉඩම් සහ අනෙකුත් සම්පත් ප්‍රශස්ත ලෙස වෙන් කිරීම කෙරෙහි මූලික වශයෙන් අවධානය යොමු කරන අතර එමඟින් තිරසාර ඉඩම් කළමනාකරණය ප්‍රවර්ධනය කරයි. මෙම ප්‍රවේශයේ ප්‍රධාන ලක්ෂණ වන්නේ බහු-ආංශික සම්බන්ධීකරණය, බහු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය සහ මෙම ක්‍රියාවලිය පුරාවට ඉඩම් පරිශිලකයන්ගේ සක්‍රීය සහභාගීත්වයයි.සපුගසුල්පත/ ගලයට කඳුර ක්ෂුද්‍ර ජල පෝෂකය, ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇත. තිරසාර නොවන ඉඩම් කළමනාකරණ පිළිවෙත් නිසා ප්‍රදේශයේ ඉඩම් හායනයට ලක් වී ඇති අතර එය ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මාන්තය මඟින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ සඳහා අභියෝගයක් වී ඇත. තවද “උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය” නිසා ප්‍රදේශයේ උග්‍ර ජල හිඟයයක් පවතී. එම නිසා ජල හිඟයට විසදුම් සෙවීමේ සහ හායනයට ලක් වූ ඉඩම් ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රමෝපායන් හඳුනාගැනීමේ දැඩි අවශ්‍යතාවක් මතුව ඇත.

තේ  ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන ආදායම් ගෙනෙන කර්මාන්තය වන නමුත් දේශගුණික විපර්යාස, ශ්‍රම හිඟය ඇතුළු හේතු ගණනාවක් නිසා කර්මාන්තය මේ වනවිට අභියෝග රැසකට මුහුණ දෙමින් තිබේ.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ හායනයට පත් කෘෂිකාර්මික ඉඩම් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන බදුල්ල දිස්ත්‍රික්කයේ තෝරා ගත්  ක්ෂුද්‍ර ජලපෝෂක ප්‍රදේශවල පස් පරික්ෂාකර ඒ අනුව වගාවන් සඳහා පොහොර නිර්දේශ  කිරීම දැන් සිදුවෙමින් පවතී.